ප්‍රබල සුලි කුණාටුවක් ශ්‍රී ලංකාව දෙසට – ඉදිරි පැය 24 දැඩි අවදානම්

නිවාර් නම් ප්‍රබල සුළි කුණාටුව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325 ක් දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවතුනා.
අද පස්වරු 05.30 වනවිට එය කන්කන්තුරයට කිලෝ මීටර් 263 ක් දුරින්ද, හෙට අලූයම 05.30 වනවිට කිලෝ මීටර් 168 ක් දුරින් ද, ස්ථානගතව පවතිනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම සුළි කුණාටුව ඉදිරි පැය 24 ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවට ද අනුමාන කෙරෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන ජනතාව මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.