පොලිස්පති පුටුවට පොරය අවසන්! – සී.ඩී. ට සේවා දිගුවක්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට යළිත් මාස තුනක සේවා දිගුවක් ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව එළඹෙන ආසන්න දිනයකදී ඔහු නැවතත් පොලිස්පති ධුරයේ වැඩ භාර ගනු ඇති.
මේ අතර, පොලිස්පතිවරයකු විශ්‍රාම යන අවස්ථාවේ ඔහු වෙනුවෙන් පොලිස් ආචාර පෙළපාලියක් පැවැත්වෙන නමුත් සේවා දිගුව අවසන් වූ දිනයේ ඔහු වෙනුවෙන් ආචාර පෙළපාලියක් නොපැවතුණු බව ද පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණා.