හමුදා පෙම්වතිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා!

තමන් සමඟ පැවැති ආදර සම්බන්ධයට පිටුපෑම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකාවක් වන තරුණියක විසින් තරුණයෙකු පැහැරගත් පුවතක් පින්වත්ත ප්‍රදේශයෙන් වාර්තා ⁣වනවා.

කලක පටන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් පැවැතියත්, අවසානයේ ඇයව විවාහ කර ගැනීමට තරුණයා සිය අකැමැත්ත පළ කිරීමත් සමඟයි මෙම පැහැර ගැනීම සිදු කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පැහැර ගැනීමට ලක් වූ තරුණයා සහ ඔහුගේ මව විසින් පින්වන්ත පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලීසිය පවසනවා.

තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති තරුණිය, තරුණයා පැහැර ගෙන ගොස් පාළු නිවසක රඳවා ⁣තබා පසුව මුදා හැර තිබෙන බව සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button