අලුත් මියුසිකල් ෂෝ කල්ට් එකෙන් බයිට් වෙන හැටි

කණ්ඩායම් සංගීත කලාවත් සමඟ ආරම්භ වූ එළිමහන් සංගීත ප්‍රසංග, ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට එකතු කළේ මහත් ආලෝකයක්. ඒ වගේ ම බහුතරයක් ගායක ගායිකාවන්ට, සංගීත කණ්ඩායම්වලට, නර්තන ශිල්පිනියන්ට ප්‍රධාන ආදායම් මාර්ගයක් ද තනා දෙන්නට එය ඉවහල් වුණා.

නමුත් වර්තමාන එළිමහන් සංගීත ප්‍රසංග සංස්කෘතියේ ඇති විකාරරූපී බව ම, එය තවදුරටත් කලාවක් දැයි යන්න ප්‍රශ්නයට නගමින් සිටිනවා.

ඒ පිළිබඳව තරු⁣ණයෙකු විසින් තබා ඇති සටහනක් පහතින්

“ඊයේ මාතර තිබ්බා කෝ# කොත්තු බීට් පාටි එක. ගෙදරින් යමු කියලා වදේ නිසා ගියා ඒක බලන්න. ඒ ගිහිල්ලා ඉන්නකොට මට මතක් වුනේ සාමාන්‍ය පෙළ කරලා ඉන්න කාලේ එහෙම එක මියුසිකල් ශෝ එකක් නෑර බලන්න ගියා. මට හොඳට මතකයි උසස් පෙළ පටන් ගන්න දවසට කලින් දවසේ මාතර සනත් ජයසූරිය ග්‍රවුන්ඩ් එකේ තිබ්බා නෙස්ටමෝල්ට් ගීතාංජලී කියලා ශෝ එකක්. එදා ගැහුවේ “ෆ්ලෑශ්බැක්”ලා . ඒ කාලේ ෆ්ලෑශ්බැක් පීක් එකේ ඉන්න කාලේ. ඉතින් මම ඇඳ උඩ කොට්ට වලින් මම වගේ එකෙක් හදලා. ඒකට රෙද්ද පොරවලා, මම ජනේලේ ඇණ කපලා හදගෙන තිබුන විශේෂ දොරෙන් එළියට පැනලා ආවා.

මම කල්පනා කලේ ඒ කාලෙයි මේ කාලෙයි කියන එකේ අවුරුදු ගණනින් ඒ තරම් ලොකු වෙනසක් නැති වුනාට සංගීත ප්‍රසංග කෙරෙන විදියේ ලොකු වෙනසක් වෙලා. ඉස්සර ගොඩාක් ඒවාට සල්ලි ගන්නේ නෑ. කානිවල් එකක් තිබ්බොත් තමයි සල්ලි ගන්නේ. අනිත් ඒවා නොමිලේ පෙන්නන්නේ. ඉතින් සල්ලිත් නොදී ගිහින් අපිට ඕන විදියේ ආතල් එකක් අරගෙන එනවා.

දැන් නොමිලේ පෙන්නන ඒවා නැතිම තරම්. දැන් අපි සල්ලිත් දීලා ගිහිල්ලා කුලී වැඩ කරලා එනවා.

මුලින්ම නිවේදකයා කියනවා බෑන්ඩ් එකට අත්පොඩි ගහන්න කියලා. අපි ඒක කරනවා. ඊට පස්සේ බෑන්ඩ් එකේ එකෙක් කියනවා නිවේදකයට සද්දයක් දෙන්න කියලා. අපි සද්දේ දානවා. ඊට පස්සේ බෑන්ඩ් එකේ එකාම කියනවා උන්ට හූවක් ඕන කියලා. ඉතින් හූ කියනවා. කිව්වම “සද්දේ මදේ…. තව හයියෙන් ඕ.. නා..” කිව්වම බොම්කක් චාජ් වෙලා තිබ්බා නම් පිට වෙන ගානට ගිරිය කඩාගෙන “හූ” කියනවා.

ඊට පස්සේ ගායක ගායිකාවෝ එනවා. උන් ආවම පුදුම වදේ. උන් සැරින් සැරේට ෆෝන් එකේ ටෝච් එක ගහන්න කියනවා. වනන්න කියනවා. ය කෝ අපි එක එකාට පහන අල්ලන්නද සල්ලි දීලා ගියේ කියලත් හිතලා, උගේ ආතල් එකනේ කියලා ටෝච් ගහගෙන උස්සගෙන වනනවා. මෙහෙම ගායක ගායිකාවෝ දහයක් වගේ ආවම හදිසියකට කෝල් එකක් ගන්න වත් බැට්‍රි නෑ. ඉතින් පවර් බෑන්ක් එකකුත් අරගෙන යන්න ඕන.

ඒකත් කලා කියමුකෝ අමාරුවෙන් හරි. ඊට පස්සේ ඌ “හරි මේකට ඩාන්ස් එකක් ඕන” කිව්වම අහිකුණ්ඨිකයා ගෙනියන රිලවට නටලා පෙන්නපන් පුතා කිව්වම වගේ අපි නටන්න ඕන. ඒක නම් ඉතින් ලොකු අවුලක් නෑ. ඒ වුනාට දැන් තියන සමහර සින්දු වලට නටන්න බෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. ඒවට නටන්න කිව්වම නම් “අඩෝ වයි බං” කියලා රිලවා අහිකුණ්ඨිකයා දිහා බලාගෙන ඉන්නවා වගේ උගේ දිහා බලාගෙන ඉන්නවා.

දැන් ගායක ගායිකාවන්ට ලොකු ගානක් ගෙවලානේ ශෝ එකකට ගෙන්නන්නේ. ඒ වුනාට ඌ සින්දුවේ භාගයක් කියලා අපේ පැත්තට මයික් එක අල්ලගෙන ඉන්නවා. උගේ හිත හොඳ නැතිවෙයි කියලා අපිත් පුලුවන් උපරිම සද්දෙන් ඒක කියනවා. බලාගෙන ගියාම ඌ සල්ලි අරගෙන සින්දු භාගයයි කියන්නේ අපි සල්ලි ගෙවලා ගිහින් උගේ වැඩෙත් භාගයක් කරන්න ඕන.

ඒ ටික ඔක්කොම කලාම බෑන්ඩ් එක ගහන්න ගන්නවා. උන්ගෙන් පුදුම වදේ ලඟ ඉන්න එකා කරට ගන්න කියලා. මගේ ලඟ හිටියේ අපේ ගෑනි. ඒක කරට ගන්න දෙයක් නෑ. කොහොමත් කරටත් නැගලා ඔලුවටත් අත හෝදන එකනේ. ඒකෙන් ඒ වැඩේ විතරක් නොකර ශේප් වුනා. ආදරේ කරන කෙනාගේ අතින් අල්ලගෙන මේක කියමු කියලා උන් කිව්වා. උන් කිව්වට එහෙම කරන්න බෑ.. ඒකි ඇවිල්ලා හිටියේ ඒකිගේ හස්බන්ඩ් එක්ක. ඒකෙන් ඔය අන්තිම දෙක කරන්න බැරි වුනා.

කොහොම හරි දැන් බාංවැල් ගැට කොත්තමල්ලි එකක් බොනවා ඇඟේ අමාරුවට. උගුර රිදෙන එකට වැල්මී, සූකිරි ටිකක් කන්න ඕන. සල්ලි දීලා මෙහෙම දුක් විඳින්න තරම් තියන මොලේ අමාරුවට ඉසකුඩිච්චියක් දාගන්න හොඳ ලස්සන දේශීය වෛද්‍ය නෝනා කෙනෙක් ඉන්න ඉස්පිරිතාලයක් හොයාගන්න ඕන.”

– සජිත රොෂාන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button