ගැමුණු බස් ගාස්තු සංශෝධනය එපා කියයි

හෙට (01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් ගාස්තු සංශෝධනය අවලංගු වී ඇති බව වාර්තා වනවා.
ඒ, මේ මොහොතේ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ (29) මාධ්‍යයට අදහස් පළ කර තිබූ පසුබිමකයි.
තෙල් මිල සහ අමතර කොටස් මිල අඩු වීමේ සහනය ජනතාවට ලබා දීමේ අරමුණින් මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද වරින් වර ඊට බස් හිමිකරුවන්ගෙන්ද එල්ල වී තිබුණේ දැඩි විරෝධයක්.
මේ අනුව රු. 30ක් වූ අවම බස් ගාස්තුව ඇතුලු සියලු ගාස්තු පෙර අගයන් වල ම පවතිනු ඇති.