ලයිසන් නැතුව ත්‍රීවිල් එලවන සුද්දන්ට වැඩ වරදී

විදේශිකයින් ත්‍රීරෝද රථ පැදවීම සහ එම අනතුරු අවම කිරීම සම්බන්ධව රථවාහන මූලස්ථානය විසින් නිකුත් කරනු ලබන නිවේදනය.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් (පිරිමි හා කාන්තා) විසින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති අතර පසුගිය කාලසීමාවේදී මේ සම්බන්ධව සිදු වූ මාරක / බරපතල සහ අනෙකුත් අනතුරු ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇත.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම අනතුරු වලට අදාලව රිය පදවන ලද විදේශීය ජාතිකයින් සඳහා ත්‍රීරෝද රථ පැදවීම සඳහා බලපත්‍ර නොමැති වීම සහ පුහුණුවක් නොමැති වීම මෙම අනතුරු සිදුවීමට හේතු වී ඇති බවයි.
විදේශිකයෙකුට මෙරටදී වාහන පැදවීම සඳහා පහත සඳහන් බලපත්‍ර වලින් එකක් හෝ අවශ්‍ය වේ.
1. මෙරට වලංගු රියදුරු බලපත්‍රය.
2. මෙරටට වලංගු ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය.
3. ඔහුගේ රටේ රියදුරු බලපත්‍රය. (මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙතඉදිරිපත් කර ලබා ගත් පරිවථන සහතිකය)
ඉහත සඳහන් බලපත්‍ර වලංගුව තිබිය යුතු අතර ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ත්‍රීරෝද රථ පැදවීම සඳහා වලංගු පංතියක් ඇතුලත් කරනු නොලබයි.
එසේම මෙරට දී සිදු කරන රියදුරු බලපත්‍ර පරිවථනයේදීද ත්‍රීරෝද රථ සඳහා වලංගු බලපත්‍ර නිකුත් කරනු නොලබයි.