බැංකුවලට දින පහක් නිවාඩු දුන් හේතුව මෙන්න

ලබන බ්‍රහස්පතින්දා (29) සිට ජූලි 01 වැනිදා, සඳුදා දක්වා බැංකු නිවාඩු ලබා දී ඇතත් ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර, CDM යන්ත්‍ර සහ මාර්ගගත ක්‍රමය (online) හරහා සිය ගනුදෙනු සිදු කළ හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.

අධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

“රජය මුදල් අමාත්‍යංශය සාකච්ඡා කරලා තීරණය කළා ලබන 30 වැනිදා බැංකුවලට නිවාඩු ලබාදෙන්න. ඒ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහායි. ඒ පිළිබඳව මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය අවසන් එකඟතාවකට ඇවිත් තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම සඳහා කිසියම් කාල පරාසයක් අවශ්‍ය වනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මුදල් කාරක සභාවට යොමුකළ යුතුයි. දින පහක කාලයක් බැංකු වසා තබා වෙළෙඳ පොළ වසා තැබීම තුළ මෙම ක්‍රියාවලිය අවසන් කළ හැකියි. බැංකු වසා තැබීම වෙන කිසිම හේතුවක් නිසා සිදු නොකරන බව අවධාරණය කරනවා. මෙම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල, පොලිය අඩු වන්නේ නැහැ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button