දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් වගකීම් රැසක්

සංවර්ධනය මෙන්ම කඩා වැටී ඇති සමාජ දේහයද ඉහළට ඔසවා තැබීමේ වගකීම සියලුදෙනාට පැවරෙන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිසාපතිවරුන් හමුවේ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැතිවූ සාකච්ඡාවේදීය.

රුපියල් බිලියන 1,400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 08 තුළ ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමෙන් රටේ ආර්ථික වර්ධනය 3%ක් – 4%ක් අතර ප්‍රමාණයකින් ඉහළ දැමිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය ගමට ප්‍රසාරණය කිරීමේදී පවත්නා ආර්ථික අවස්ථා වර්ධනය කිරීමත්, නව ප්‍රභව හඳුනා ගැනීමේත් අවශ්‍යතාව පැහැදිළි කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button

https://spitefulmotor.com/bh3xVd0xP.3GpEv/bemJVMJ/ZID/0B2/M/DFgC0OOxDQUIxZLKTHYAw_OiDEQA4iNOTsIZ