මහලේකම් කිව්වොත් අපිත් රනිල් සරණං ගච්ඡාමි – මන්ත්‍රී කුට්ටිආරච්චි කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පැහැදිලි අඩුපාඩු රැසක් තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.
“එතුමාව ගෙනාවෙ මොකක් කියලද? කිඹුලා කනවා කියද්දි ගෙනාවෙ කාපිය කියලා. සුදු වෑන් එකෙන් ගෙනිහිල්ලා මරනවා කියද්දි තමයි දුන්නෙ මරාපිය කියලා. රාජපක්ෂ රුධිරය තියෙන පුද්ගලයා අපි හිතුවා තකට තක වැඩේ දෙයි කියලා ඇවිල්ලා. බැලින්නන් මහනායක හාමුදුරුවෝ වගේ වුණානෙ ඇවිල්ලා. අපි දුන්නෙ නයා කියලා, අන්තිමට එයා දර මිටියට බැන්දේ. අපි කිව්වා ඕක අන්තිම වෙලාවෙ හරි පුප්පන්න ජනාධිපතිතුමනි කියලා. මොන පිප්පිල්ලක්ද මෙන්න බඩු මෙහෙම්මයි.” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වූවා.
ජනාධිපතිවරණයකදී පොදුජන පෙරමුණේ මහලේකම් වරයා තම පක්ෂය ජනාධිපතිවරයාට සහය දෙන බව ලිඛිතව දැනුම් දුනහොත් තමන්ද ජනාධිපතිවරයාට සහය දෙන බවයි ඔහු කියා සිටියේ.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින්.