ලසන්තගේ ඝාතනයේ සැකකරුවන් නිදහස් කරන්නැයි නීතිපතිගෙන් නියෝග ?
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බවත් එනිසා ඔවුන් නිදහස්කර යැවිය හැකි බවටත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇති බව පලවෙන ලිපියක් හුවමාරු වෙමින් පවතිනවා.
මෙම ලිපිය යොමුකොට ඇත්තේ පසුගිය 27 වැනිදායි.
නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත තමන් වෙත දැනුම්දෙන ලෙසටයි.
මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.