පහළ ගිය සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල යළි ඉහලට !
රට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් නැවත වතාවක් ඉහල යමින් තිබේ.
රජය විසින් නව බදු හඳුන්වාදීමත් සමඟ ආනයනය කරන වාහන වල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රවණතාවය ඇතිවී තිබේ.
පැවැති බදු අනුපාත යටතේම නව වාහන ආනයනය සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් භාවිත කල වාහන මිලට ගැනීම අඩු කිරීම මත ආසන්න දින කිහිපය තුළ දෙවන පෙල වාහන සැලකිය යුතු ලෙස පහළ බැසීමක් සහ අලෙවි අඩුවීමක් දක්නට ලැබිණි.
නමුත් නව බදු හඳුන්වා දීමෙන් පසු ආනයනික වාහන මිල ගණන් ඉහල යාමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබේ.
මෙරට වාහන අලෙවි කරන ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකම ද එම මිල ඉහළ යාම පැහැදිලිව නිරීක්ෂණය කල හැකිය.