ගුරාලා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරනවලු – තෙල් ඇද්ද රේල්ලුවේ ඈයෝ මාට්ටු

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකින් ඉන්ධන සොරකම් කළ බව කියන ගාල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙකු ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ දුම්රිය ඛණිජ තෙල් සංස්ථාවේ මාගාල්ල තෙල් ගබඩාවට තෙල් නිකුත් කිරීමෙන් අනතුරුව ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබියදී දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනා එයින් තෙල් ලීටර 5 ක් පමණ සොරකම් කරගෙන යමින් සිටියදී දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිළධාරීවරයා විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන පොලීසියට ඉදිරිපත් කර ඇතැයි සඳහන්.