ත්‍රෛලෝක විජය පත්‍ර පවන් සලන්න ළඟයි?

අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර හෙවත් කංසා යොදාගෙන නිෂ්පාදන සිදු කිරීමට, ඒ සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා.
එම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සිදු කිරීමට නියමිතයි.