බණ්ඩාරලා මානසික ලෙඩ්ඩු – ඩයනාගෙන් සැර කතාවක්

පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම සමාජ රෝග ව්‍යාප්තියට හේතු වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඊයේ (09) පාර්ලිමේන්තුව අමතා ඇය මෙම අදහස් පළ කළා.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සම්බන්ධයෙන්ද අමාත්‍යවරිය අදහස් පළ කළා.

“මං කිව්වා බණ්ඩාරලා මන්ද මානසික ලෙඩ්ඩු කියලා. මගේ අත්සනින් ඒගොල්ලො මේ පාර්ලිමේන්තුවට මේ පක්ෂෙ අරගත්තා කියලා ලැජ්ජයිලු. මාව පත්කරේ එයාලු අත්සන් කරලා මේ පාර්ලිමේන්තුවට. මට කියන්න ඕන ඒ බණ්ඩාරට මම අත්සන් කරේ නැත්තන් මහලේකම් හැටියට අපේ ජාතික පෙරමුණ භාර දීලා එයාව මහලේකම් කරේ නැත්තන් ඔය සජබෙ එක්කෙනෙක්වත් ඔතන අද වාඩි වෙලා ඉන්නෙ නෑ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button