කුඩු සමඟ ඇල්ලූ කපුවා කපෝති

බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක පිහිටි දේවාලයක කපුවෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකව හෙරොයින් මිලිග්‍රෑම් 150 ක් තිබී සොයාගෙන ඇති බවද සඳහන්.
බොරලැස්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව පොලීසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, හොරොයින් මිලදී ගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.