TRC වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් ගේ අක්‍රමිකතා රැසක් එළියට

ලඟදි සිදුවීමට යනDialog සහ Airtel එකතු කිරීමේ මහමොළකරු ලෙස විදුලි සංදේශන කොමිසමේ (TRC) හි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා කලක සිට කටයුතු කර ඇති බව වාර්තා වේ. මේ එකතුව අවසාන කිරීම සඳහා මොහු අධ්‍යක්ෂවරයකු වශයෙන් විශ්‍රාම යෑමෙන් පසුව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මාස හයකට පත්කර ගැනීම සඳහා ඉහල තැන් වලට සෑහෙන බලපෑම් කර ඇති බවද දැනගන්නට ඇත. වාර්තා වන අන්දමට මේ ආයතන දෙක එකක් කරනවා වෙනුවට ඒ දෙක එක මව් ආයතනයක් යටතේ ආයතන දෙකක් වශයෙන් පවත්වාගෙන යාමට ද ඔහු උපදෙස් දී ඇත. මේ මගින් ඔවුන්ට ලබාදී ඇති සංඛ්‍යාත අනිකුත් ආයතන වලට ලබාදීම වළක්වා ඇති බවද මෙය Etisalat සහ Hutch ආයතන එකතු කිරීමේ දී සිදු කළ ක්‍රමවේදය නොවන බව ද පැහැදිලි වී ඇත. මේ සඳහා ඩයලොග් ආයතනය අතිවිශාල මුදලක් අතයට ගනුදෙනු සදහා වියදම් කරමින් සිටින බවද වාර්තා වේ සුළඟට හානි වී ගිය නුගේගොඩ ප්‍රදේශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවසේ වහලය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර දී ඇත්තේ ද Dialog සමාගමේ අනුග්‍රහයෙන් බවද කියැවේ.
මෙයට අමතරව මෙම පුද්ගලයා, 2012 දී Etisalat සමාගම විසින් TRC වෙත ගෙවිය යුතු තිබු මිලියන 27ක මුදලක් සහ Tritelසමාගම විසින් ගෙවිය යුතුව තිබූ මිලියන 9 ක මුදලක් වසර දහයක් තිස්සේ අයකරගෙන නොතිබීමට වීමට ඍජුවම වගකිව යුතු පුද්ගලයා වන අතර එමගින් වසර දහයක් පුරා එම මුදලට ලැබිය යුතු පොලිය අය කර නොගැනීමෙන් රජයට අධික පාඩුවක් කිරීමෙන් පොදු දේපළ පනත යටතේ බරපතළ වංචාවක් කර ඇති බවද වාර්තා වේ. TRC ආයතනයේ යම් නිලධාරීන් පිරිසක් පිළිබඳව අල්ලස් සහ දූෂණ කොමිසම වෙත වාර්තා කිරීමට සැරසෙන බවට ද දැනගන්නට ඇත.
Source – Lanka X News