මහනුවර සිට කටුගස්තොට දක්වාම දිගු පෝළිම් !

අද සවස ඇරඹෙන දළඳා දැක්ම වෙනුවෙන් මේ වන විටත් දිගු පෝලිම් ඇති ව් තිබෙනවා.
මේ ඒ පිළිබඳව පලවී තිබූ සටහනක්.
2025.04.18 | 08.10 a.m
Newest Updates from Kandy
ශ්‍රී දළදා දැක්ම අදයි! 🙏 දිවයිනේ නන් දෙසින් මහනුවරට අති දැවැන්ත ජනකායක්!
• අම්පිටිය හන්දියෙන් (රතු බෝක්කුව හන්දිය) දෙසින් දෙපැත්තට බෙදී වැව රවුම හරහා යන පෝලිම් දෙකම,
තලාතුඔය පැත්තට වෙන්නම සෙනඟ.
• අනෙක් පෝලිම වන සේනානායක වීදියේ පෝලිමේ සෙනඟ කටුගස්තොට දක්වා ඉන්නවා.
• පාන්දර යම් සීතලක් සහ කුඩා වැසි පොදයක් තිබුණද එම පීඩාවන් විඳ ගනිමින් ජනතාව දළදා දැක්මට අපේක්ෂාවෙන් සිටී.
• පාන්දර 1ත් 5ත් අතර වරින්වර තේ බිස්කට් දන්සැල් ප්‍රදේශය පුරා තිබුණි.
• අද සවස 3.00 සිට 5.30 දක්වා දළදා ප්‍රදර්ශනය පැවැත්වේ.
• ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් උත්සවය ඇරඹීමට නියමිතයි.
තෙරුවන් සරණයි! 🩵
Anupa Bandara ~ Admin Kalupahana