NEWS

පෝට් සිටියට වෙනම කොටස් වෙළෙදපොළක්

යෝජිත කොළඹ වරාය කොමිෂන් සභා පනත අනුව පෝර්ට්සිටිය තුළ වෙනමම කොටස් වෙළෙඳපොළක් ස්ථාපිත කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කර තිබෙනවා. සති අන්ත පුවත් පතක් වන ” දේශය” විසින් මේ පිළිබඳව වාර්තා කර සිටිනවා.

මෙම කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුකළ හැක්කේ ඩොලර් – පවුම් හෝ වෙනත් පිළිගත් විදේශීය මුදල් ඒකකවලිනි. ශ්‍රී ලංකාවේ මහ බැංකු නීතිරීතිවලට පටහැණි නොවන ආකාරයෙන් මෙය පවත්වාගෙන යා යුතු අතර එහි නියාමනය එය පිහිටුවීමට මුල්වන රට විසින් සිදුකළ යුතු යැයිද කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

ලෝකයේ සංවර්ධනය වන රටවල් රැසක මෙවැනි කොටස් හා ව්‍යාපාර වස්තු වෙළෙඳපොළවල් ස්ථාපිත කර තිබේ. එයින් ජාතික ආර්ථිකයට කිසිදු හානියක් සිදුනොවන අතර රට තුළට විදේශ මූල්‍ය සම්පත් ගලා ඒම සිදුවෙයි.

(දේශය පුවත්පත)