NEWS

සුළඟ හරහා වෛරසය ආසාදනය වන නිසා ආසාදිතයින්ගේ මුලාශ්‍ර සෙවීම අපහසුවෙයි – මහාචාර්ය නිලීකා මලවිගේ

නවතම කොවිඩ් 19 ප්‍රභේදය වාතය මගින් ව්‍යාප්ත වීම හඳුනා ගෙන ඇති හෙයින් ආසාදනය වීමේ මූලාශ්‍ර සොයා ගැනීම අපහසු වන අතර ඊට පිළියමක් ලෙස සෑම අවස්ථාවකම මුව වැස්ම පැලඳ සිටින ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ පවසනවා.

විශේෂයෙන් එක්රැස්වීම්වලින් තොරව සිටින ලෙසත් එවැනි අවස්ථාවල මුව වැස්ම අනිවාර්යයෙන්ම පලඳින ලෙසටත් ඇය ඉල්ලා සිටිනවා.

‘‘දැනට තියෙන තත්ත්වය අනුව වාතයට වයිරසය නිරාවරණය වීමෙන් බෝවීමේ ඉඩකඩ වැඩියි. ආසාධිතයකු එහෙම ඉඳලා ඉන් ඉවත්ව ගියපසු මුහුණු ආවරණය නොමැතිකමින් කෙනෙක් එතනට පැමිණ ගියහොත් ඔහුටද රෝගය බෝවිය හැකියි. එවිට කාගෙන්ද බෝවුණේ කියලාවත් සොයාගන්න අමාරුයි. ඒ වගේම කාර්යාලවලදී මුහුණු ආවරණය දාගෙනම ඉන්න’’ යැයි මහාචාර්යවරිය ඉල්ලා සිටියා.

විශේෂයෙන් එක්රැස්වීම්වලින් තොරව සිටින ලෙසත් එවැනි අවස්ථාවල මුව වැස්ම අනිවාර්යයෙන්ම පලඳින ලෙසටත් ඇය ඉල්ලා සිටියා.