NEWS

තැන තැන හමුවූ කොවිඩ් ආසාදිතයින්

ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 969 දෙනා ගෙන් ආසාදිතයින් 251ක් දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 69 දෙනෙක්, පන්නල 39ක්, කුරුණෑගල 32ක්, නිකදළුපොත 33, පොල්පිතිගම 22ක්. අඹන්පොළ 14ක් සහ නිකවැරටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 11ක් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 236 දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිවුලපිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 41ක්, මැල්ලවගෙදර 35ක්, අත්තනගල්ල 27ක්, වත්තල 26ක්, ජා-ඇල 20ක් සහ මිනුවන්ගොඩ 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී ඇත.