NEWS

දිනක් තුලදී වාර්තා වූ දෙවන වැඩිම ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 969ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. දිනක් තුල මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා.

මිට පෙර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදා වාර්තා වූවා. එදින වාර්තා වූ ආසාදිතයින් ගණන 976ක්.

ඊට පසුව ආසාදිතයින් 963 දෙනෙකු පෙබරවාරි මස 10 වෙනිදා වාර්තා වූ අතර, පෙබරවාරි මස 11 වෙනිදා ආසාදිතයින් 942 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,691ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 5,021ක් වනවා.