NEWS

මන්ත්‍රී ගීතා, රංජන්ට සමාව ඉල්ලයි

සිය සහෝදර රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකට කලාවේ නාමයෙන් ජනාධිපති සමාව දෙන්නැයි ප‍්‍රවීණ සිනමා නිළි සහ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රනි ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලා සිටියා.

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ දෙදින විවාදයේදී ඊයේ දින අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.

සිය සහායක රංගන ශිල්පී රන්ජන් රාමනායකට කලාවේ නාමයෙන් සමාව ලබා දෙන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එහිදී මන්තී‍්‍රවරිය කීවා.