NEWS

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ් -19 වෛරසයට ප්‍රතිචාර වශයෙන් මහජන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
රටේ කොවිඩ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීමට යටත් වන අතර අවසර දී ඇති ක්‍රියාකාරකම් මට්ටම වෙනස් වන අතර මෙම කාර්යයන්හි නියැලී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව වෙනස් විය යුතු බව මින් දක්වා ඇත.

කොවිඩ් -19 ට ප්‍රතිචාර වශයෙන් ගත යුතු ප්‍රධාන පූර්වෝපායන් සමූහයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති අතර ඒවා සඳහන් කර  ඇත.

DReAM  යනුවෙන් හඳුන්වනු ලබන මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් භෞතික දුරස්ථභාවය, රැස්වීම් නොපැවැත්වීම, අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වැලකි නිවස තුල රැඳී සිටීම, යහපත් ශ්වසන ආචාර විධි පැවැත්වීම, අත්නිසිලෙස පිරිසිදු කිරීම, මුහුණු ආවරණය භාවිතා කිරීම, යනාදී කරුණු මෙහිදී ජනතාවට දැනුම් දී සිටියි.

මේ වන විට මෙරට කොවිඩ් වසංගත තත්ත්වයේ තෙවන අදියරේ පවතින බවට මෙම නිවේදනයේ සඳහන් කර තිබෙන අතර, දිස්ත්‍රික්ක තුල කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් අනතුරු අඟවා තිබෙනවා.

නව කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ :