NEWS

වත්තල විවාහ මංගලයක මනාල යුවලට කොවිඩ් – 150 දෙනෙකුට PCR පරීක්ෂණ

වත්තල හැඳල ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවළට කොරෝනා වයිරස ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව එම උත්සවයට සහභාගි වූ 150 පමණ පිරිසක් පීසී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර පවසනවා.

විවාහ උත්සව පැවැත්වීමෙන් අනතුරුව ඊළඟ දින මනාලයා විදේශගතවීම සඳහා පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහිදී ඔහු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත.

ඉන්පසුව මනාලියද ඇගේ සොහොයුරියද පීසීආර් පරීක්ෂණ සඳහා මුහුණ දීමෙන් අනතුරුව ඔවුන්ද කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරුව ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලේ.