NEWS

කොරෝනා කියලා මැයි රැළි පවත්වන්නේ නැති එකට නම් අපි විරුද්ධයි

ජාත්‍යන්තර කම්කරු දිනය දා සැමරුම් නොපැවැත්වීමට රජය ගත් තීන්දුවට එකඟ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මැයි දිනය සඳහා සැමරුම් පැවැත්වීමට අදාළව ක්‍රීඩාපිටි පවා වෙන් කර දින තිබියදී මෙම තීරණය ගැනීමට එකඟ විය නොහැකි බවද එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

මැයි දින සැමරුම් නොපවත්වන්නේ සෞඛ්‍ය හේතූන් මත නම් සෞඛ්‍ය හේතුන් මත නොපැවැත්විය යුතු උත්සව ගණනාවක් පසුගිය දිනවල පැවැත් වූ බව ද හෙතෙම පෙන්වාදෙයි.

අවුරුදු සමයේ ලක්ෂ ගණනාවක් රට පුරා සංචාරය කළ බවත්, ගම සමඟ පිළිසඳරට දහස් ගණනක් ජනතාව එකතු බවත් ඔහු පැවසීය.

සත්‍ය වශයෙන්ම ආණ්ඩුව මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ තමන් මුහුණ දෙන දේශපාලන අර්බුද නිසා මැයි දිනයේ පැවැත්වීමට නොහැකිවීම වසා ගැනීම බවද ඔහු පැවසුවේය.
Lanka c news