NEWS

අන්තර්ජාලය හරහා ප්‍රචාරණය වන අසත්‍ය පුවත්වලට එරෙහිව නව නීති සැකසීමට කැබිනට් අනුමැතිය

අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදුවන හානි වලින් සමාජය ආරක්ෂා කිරීම උදෙසා නව නීතියක් හදුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ කාර්යය සදහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

අන්තර්ජාලය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම බරපතළ තර්ජනයක් නිර්මාණය කරන අතර, එම තත්ත්වය සමාජය බෙදීමට, වෛරය පැතිරවීමට සහ ප්‍රජාතාන්ත්‍රික ආයතන දුර්වල කිරීමට යොදා ගනු ලබන බව එම කැබිනට් යෝජනාවේ දැක්වේ.