NEWS

පාන්දර 1 වෙනකන් බාර් ඇරලා තියන්න – මන්ත්‍රී ඩයනා ගමගේ (VIDEO)

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම මෙරට සියලුම තැබෑරුම් උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කොට තැබිය යුතු බවත් බලපත්‍ර ලබාදී කංසා විදෙස් රටවල් වලට අපනයනය කිරිමට ඉඩ ලබාදිය යුතු බවද ඇය මෙහිදී ප්‍රකාශ කර සිටියා.

” අපේ රටේ මිනිස්සු හම්බ කරන සල්ලි වියදම් කරන්න කියලා සිංගප්පුරු, තායිලන්තය වගේ රටවල් වලට යනවා. ඇයි එහෙම යන්නේ ඒ අයට මෙහෙ වියදම් කරන්න ඉඩක් නැහැ.

ලංකාවට එන සංචාරකයින්ට රාත්‍රී 10-11න් පසුව වියදම් කිරිමට තැන් නැහැ. අපි විදේශ රටවල සංචාරවලට ගියාම එහෙ තියෙනවා ඕනෑ තරම් ස්ථාන ජනතාවට තමන්ගේ මුදල් වියදම් කරන්න.

රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් සුරාබදු පනත් සංශෝධනය කළ යුත්තේ ඒ අයුරින්. ඒ හරහා රටේ ආර්ථිකය දියුණු කළ හැකියි.” ඇය මෙහිදී සඳහන් කර සිටියා.