NEWS

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයට පෙර කොවිඩ් ආසාදිතයින්ගේ යම් අඩුවීමක් පැවැතිය ද නමුත් මේ වන විට නැවත ආසාදිතයින් වාර්තාවීම වැඩි වී ඇති බවයි වෛද්‍ය සුදත් සමරවීර සදහන් කළේ.

වෛරසය ව්‍යාප්තවීම ක්‍රම ක්‍රමයෙන් වැඩිවන විට නොදැනුවත්වම විශාල පොකුරු ඇති විය හැකි බවත් මේ හේතුවෙන් පවතින තත්ත්වය මත ඉතා ප්‍රවේශම් විය යුතු බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර සඳහන් කර සිටියා.

එසේ නොවුනහොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා ඇති කිරීමට සිදුවන බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.