NEWS

ඉපදිලා මාස 6න් මම සම්බන්ධ වුණේ – වනජීවී ක්ෂේත්‍රය ගැන ජානවලත් තියනවා – විපක්ෂ නායක (VIDEO)

වනජීවී කේෂ්ත්‍රය සම්බන්ධයෙන් තමන්ට අත්දැකීම් ඇත්තේ ඉපදී මාස 06 ක සිට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා. වත්මන් රජයට මෙන්ම හිටපු රජයටත් පරිසරය සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් නොමැති බවයි විපක්ෂ නායකවරයා ජන හමුවක් අමතමින් කියා සිටියේ.

” වන අලි මිනිස් ගැටලුව ගැන කිසිම ආණ්ඩුවකට පිලිතුරක් නැහැ. මේ වනජීවී කේෂ්ත්‍රයට ඔබතුමන්ලාට කලින් මම සම්බන්ධ උනා. මම ඉපදිලා මාස 06 කින් මගේ පියා මාව කොස්ගස්මංකඩ කෑම්ප් සයිට් එකට අරන් ගියා. සෑම වසරකම තුන්වතාවක් අපිව ඒ වගේ ස්ථානවලට අරන් ගියා. ගිහින් පරිසරය දේශපාලන මාතෘකාවක් වෙන්න කලින් ඒ ගැන අපිට ඉගැන්නුවා.

පරිසරය සම්බන්ධයෙන් ස්ටෝක්හෝම් ප්‍රඥ්ප්තිය ඇතිවෙන්න පෙර මම ඒ ගැන දැනුවත් උනා. අද රටේ වනජීවී හා වන සම්පත් සම්බන්ධයෙන් ඇමතිවරුන් තිදෙනෙකු ඉන්නවා. විපක්ෂ නායකවරයා හැටියට පරිසර ගැටලුව සම්බන්ධයෙන් ඕනෑම මොහොතක මම මගේ සහය ලබා දෙනවා” විපක්ෂ නායකවරයා කියා සිටියා.

VIDEO:

https://fb.watch/4_9alB28ta/