NEWS

මුව ආවරණයක් නොමැතිව නිවසින් පිටව යන්න එපා : දැනට වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ අවමයි

අලුතින් වාර්තා වන කොවිඩ් රෝගීන් සියලුදෙනාම පාහේ රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් මැයි පළමු සතියේ සිට මාසයක කාලයක් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳිය යුතු බව අවධාරණය කෙරේ.

මැයි මාසයේදී මුව ආවරණ නොමැතිව නිවසින් පිටතට නොයන ලෙසද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙතෙක් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ උණ, හෙම්බිස්සාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම අවම වුවත් දැනට උද්ගතව ඇති තත්ත්වය මත එක්වරම රෝගීන් ප්‍රමාණය වැඩි වුව​හොත් රට විවෘතව තැබීම පවා අවදානම් විය හැකි බැවින් ජනතාවට කල්තියා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යෙදිය යුතුව ඇතැයි හෙතෙම සඳහන් කරයි. ඊයේ (19 වැනිදා) මෙරටින් කොවිඩ් ආසාදිතයන් 309 දෙනෙක් වාර්තා විය.