NEWS

පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා : විදේශගතව සිට පැමිණි 70 කට කොරෝනා

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

එම විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු සහ 08 වසරේ ඉගෙනුම ලබන ළමුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 357 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 70 දෙනෙක් විදේශගතව සිට මෙරට පැමිණි අය වනවා.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 63 දෙනෙකු, කුරුණෑගල 50ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 41ක්, කලුතර 18ක්, මහනුවර 11ක්, රත්නපුර 15ක්, ගාල්ල 13ක්, යාපනය 15ක්, පුත්තලම 30ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇත.