NEWS

කාන්තාවන්ට අපහස කළා කියා ජීවන් තොණ්ඩමන්ට එරෙහිව වතුකරයේ විරෝධතා

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන්, කාන්තාවන්ට අපහස වන පරිදි සිදු කළේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පාමින් වතුකරයේ කාන්තා සංවිධාන රැසක් ඊයේ දිනයේදී හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී උද්ඝෝෂනයක නිරත විය.

ජීවන් තොණ්ඩමන් මහතා පසුගිය දා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලයේදි වතු කම්කරුවන්ට රු දහසක මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සඳහා පැවති රැස්වීමකදි කාන්තාවන්ට අපහස වන පරිදි අසභ්‍යය වචනයක් ප්‍රකාශ කළේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන කාන්තා සංවිධාන උද්ඝෝෂණයේ නිරත වුයේය.

කාන්තාවකට අපහස වන පරිදි පරුෂ වචනයෙන් සිදු කළේ යැයි කියන ප්‍රකාශය සමාජ මාධ්‍යය ඔස්සේ විකාශය වු බව උද්ඝෝෂණයේ නියැලි සිටි කාන්තාවන් පැවැසීය.