NEWS

ඉන්දියාවේ කොවිඩ් අවදානම නිසා ලංකාවේ ධිවරයින්ට ඇන්ටිජන් පරීක්ෂණ

ඉන්දීය ධීවර බෝට්ටු සමග නීතිවිරෝධී භාණ්ඩ හුවමාරු කරගන්නා බෝට්ටුකරුවන් හා මසුන් මැරීමට යන ධීවරයන් මාර්ගයෙන් මෙරටට කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මේ අනුව මුහුදු ගොස් පැමිණෙන ධීවරයන් අහඹු ලෙස පී.සී.ආර්. හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන්ට යොමු කරන ලෙස මුහුදු බඩ කලාපවල රෝහල්වලට කොවිඩ් වැළැක්වීමේ කමිටුව මගින් උපදෙස් ලබාදී ඇත.

ඉන්දීය ධීවර යාත්‍රා හා ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවල එදිනෙදා කටයුතු ගැන අවධානයෙන් සිටින ලෙසට නාවික මුර සංචාරක යාත්‍රාවලටද උපදෙස් ලබාදී තිබේ.