NEWS

ශල්‍යකර්මයක් සඳහා මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසියේ ඉන්දියාවේ, චෙන්නායි හි පිහිටි රෝහලකට ඇතුලත් කර තිබෙනවා. ඒ ඔහුගේ හෘද වස්තුව ආශ්‍රිතව හදිසි ශල්‍යකර්මයක් කිරීම සඳහායි.

මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.