NEWS

මගේ පුතා 2016 වසරේ ඉදන් වැඩ කරන්නේ පෝට් සිටි ව්‍යාපෘතියේ – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් (VIDEO)

තම පුත්‍රයා 2016 වර්ෂයේ සිට කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ සේවය කරනු ලබන බවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටියා. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

” ඔබලා ඇයි හැම දෙයක්ම දේශපාලන කෝණයෙන් බලන්නේ. වෙලාවකට ජනාධිපතිතුමාගේ දරුවන්ට, බැසිල් රාජපක්ෂ මහතාගේ දරුවන්ට වගේම දැන් මගේ දරුවා අල්ලාගෙන.

මගේ දරුවාට උපාධි තියෙනවා. එයාට හොද තැනක රැකියාවකට යන්න පුළුවන්. පෝට් සිටි ව්‍යාපෘතිය කියන්නේ නරක දෙයක් නෙමෙයි නේ” අමාත්‍යවරයා පිළිතුරු දෙමින් කියා සිටියා.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි…