NEWS

සොරකම් කළ ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩාකර තිබූ ජල මාපක 477ක් ඇතුළු තවත් උපකරණ තොගයක් පසුගිය මාර්තු 30 වනදා කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගබඩාවේ ලිපිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ජල මාපක 98ක් සමග සැකකාර ප්‍රාදේශිය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියා.

පොදු දේපළ පනත යටතේ ඔහු අද දින අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.