NEWS

රට තුළ චීන ප්‍රාන්තයක් ගොඩනැගීමට ආණ්ඩුවට බලයක් දී නැහැ : මන්ත්‍රී අනුර කුමාර දිසානායක (VIDEO)

රට තුළ චීන ප්‍රාන්තයක් ගොඩ නැගීමට ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට බලයක් දී නැතැයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසනවා. වරාය නගර පනත පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණු නායකවරයා මෙම අදහස් පළ කර සිටියා.

වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

තවද එවැනි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා වෙනුවට ආණ්ඩුව බලහත්කාරය විවිධ වර්ගයේ වංචාවන් උපයෝගී කර ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කර සිටියා.

දින 05ක නිවාඩු කාලයක් ඉලක්ක කර මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඊට එරෙහිව අධිකරණය හමුවට යාමට ඇති ඉඩකඩ අහුරුවා ලීමේ අරමුණින් බව ද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කලේ.