NEWS

මරදානේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට අමානූෂීය පහරදීමක් (VIDEO)

මරදාන ප්‍රදේශයේදි ත්‍රීරෝද රථ රියදුරෙකුට යකඩ පොලු හා කඩුවලින් සන්නද්ධව පැමිණි පිරිසක් සිදුකල අමානුෂික පහරදිමක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මරදාන මොහිදීන් මස්ජිඩ් මාවතේදි අදාල ත්‍රීරෝද රථය පසුපසට ගැනීමේදි එහි ගැටුනු පුද්ගලයා සහ රියදුරා අතර බහින් බස්වීමක් සිදුව තිබුණේ පසුගිය 10 වැනිදා රාත්‍රියෙදියි.

පසුව ත්‍රීරෝද මස්ජීඩ් මාවතේ නවතා තිබු අවස්ථාවේ දි යකඩ පොලු හා කඩු රැගෙන එම ස්ථානයට පැමිණි පුද්ගලයින් පිරිසක් එක්වරම ඔහුට පහර දී ඇති අතර එය සී.සී.ටී.වී කැමරා පද්ධතියකද සටහන්වි තිබෙනවා.

එම දර්ශණ වල දක්නට ලැබෙන්නේ ත්‍රිරෝද රථ රියදුරුට පහරදීමෙන් අනතුරුව එම පිරිස ත්‍රීරෝද රථයට දැඩිලෙස අලාභ හානි සිදුකර එය පෙරලා දැමීමට කටයුතු කරන අයුරුයි.

පහර දෙන අවස්ථාවේ ත්‍රීරෝද රථ රියදුරු සිය ජිවිතය බේරාගැනීම සදහා පළා යන අයුරුද  සී.සී.ටී.වී දර්ශන වල දක්නට ලැබෙනවා.

බරපතල තුවාල ලැබු 22 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.