NEWS

ආණ්ඩුව දෝෂාරෝපණ වලට ලක්වන්නේ ජනපති ‘හිට්ලර්’ කෙනෙකු නොවීම නිසයි – ඇමති දිලුම් අමුණුගම (VIDEO)

අද ආණ්ඩුව යම් යම් දෝෂාරෝපණවලට ලක් වන්නේ ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙකු නොවීම නිසා බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම සඳහන් කර සිටිනවා.

ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා ඡන්දය ලබා දී ඇති 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තු වූයේද හිට්ලර් වැනි ඒකාධිපති පාලකයෙක් බවද ඔහු සඳහන් කළේ.

මෑත දිනවලදී ඇතැම් භික්‍ෂූන් වහන්සේලාද එම අදහස මතු කල බවත් කී ඇමතිවරයා නමුත් ජනාධිපතිවරයාට එකවර හිට්ලර් කෙනෙකු වීම සඳහා කැමැත්ත ඇතැයි තමන් නොසිතන බවද සඳහන් කර සිටිනවා.

නමුත් සමහර අන්ත ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලු විට ජනාධිපතිතුමා හිට්ලර් කෙනෙකු වෙනු ඇතැයිද ඔහු සඳහන් කර සිටියා.