NEWS

රංජන්ට ඉඩදී මන්ත්‍රී ධුරයට සමුදෙන්න හරීන් තීරණය කරයි ?

සමගි ජන බලවේගය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඔහුගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට නැවත පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ඔහුගේ මන්ත්‍රී අසුන ලබා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදු කිරීමට නියමිතව ඇතැයිද සඳහන්.

ඒ අනුවම හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු රැස්වීම් නැවත ආරම්භ වීමෙන් පසු මේ ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

හරින් ප්‍රනාන්දු  මන්ත්‍රීවරයා ඊයේ පැවති රැස්වීමකදී සඳහන් කරන ලද්දේ එළඹෙන මැයි මස පළමු සතියේ දී තමන් රන්ජන් රාමනායක වෙනුවෙන් විශේෂ දේශපාලන තීන්දුවක් ගන්නා බවයි.

රන්ජන් රාමනායකට විශේෂ සමාවක් ලබා දෙන්නැයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කිරීමටත් බලාපොරොත්තුවෙන් සිටින අතර රංජන් රාමනායකට යළි පාර්ලිමේන්තු පැමිණීමට සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ද මන්ත්‍රීවරයා සූදානම් වී ඇතැයි සඳහන් වෙයි.