NEWS

සහන මල්ලට මඩ ගැසූ අයගෙන් ඇමති බන්දුල වන්දි ඉල්ලයි

සතොස හරහා රු. 1000කට ලබා දුන් සහන මල්ලට අපහාස කළ පුද්ගලයින්ට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු අද මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ, සහන මල්ලට අපහාස කළ අයගෙන් රු. කෝටි 50ක වන්දියක් ඉල්ලා එන්තර වාසි යවා ඇති බවයි.

මේ අතර, මෙම සහන මල්ලේ ඇතුළත් තේ කොළ ඇතුළු භාණ්ඩ කිහිපයකට අපහාස කළ බවට අදාළ සමාගම් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ.