NEWS

අනාරක්ෂිත අයුරින් අධිවේගී මාර්ගයේ ගමන් කළ තරුණයින්ට වැඩ වරදියි (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් දොර කවුළුවලින් පිටතට පැමිණ දොරවල් මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කරන අයුරු එම වීඩියෝවේ දක්නට ලැබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී, ඊට පසු පසින් ගමන් කළ තවත් රථයකින් එම සිද්ධිය වීඩියෝගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.

අදාළ මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.