NEWS

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වසරකදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදු වන අස්වනු හානිය

එළවලු  හා පලතුරු මෙට්‍රික්ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් පමණ  විවිධ හේතු මත අපතේ යෑමෙන්  ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වසරකදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදු වන බව  රජයේ ගිණුම් පිළිබ  ඳ කාරක සභාවේදී ( කෝපා )  තොරතුරු අනාවරණයට විය

එම කාරක සභාව එහි සභාපති මහාචාර්ය  තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

ශ්‍රී ලංකාවේ එළවලු හා පලතුරුවල අස්වනු හානිය 30-40 % ප්‍රමාණයක් බව ජාතික  විගණන කාර්යාලය 2015 වසරේදී කළ විගණනයේදී පෙනී යන බව කෝපා කමිටුව පවසයි.

ශ්‍රී ලංකාවේ  වැඩිහිටියන්ගේ 73% ක් පමණ පමාණවත්  පරිදි එළවලු  හා පලතුරු පාරිභෝජනය නොකරන බවත් වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ගේ මන්දපෝෂණ මට්ටම ද 21% ක් පමණ බව බවත්  එම වාර්තාව හෙළි කර ඇතැයි අනාවරණය වී ඇතැයි එහිදී පැවසීය.

එමෙන්ම කෘෂිකර්මයේ සමස්තය ආවරණය වන පරිදි සකස් කළ සම්මත කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට නොවන බවද රජයේ  ගිණුම් කාරක පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.