NEWS

සමාව ගන්න බැහැ කියූ නිසා මෙහෙම කරන්න වුණා : පොලිසිය තුල සිදුවූ දේ පුෂ්පිකා හෙළිකරයි (VIDEO)

තමන්ට සිදුවූ අපහසුතාවයට ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක් පවත්වා ඊට සමාව අයදින ලෙසට සිදුකළ ඉල්ලීමට කැරොලයින් ජුරි සහ චුලා පද්මේන්ද්‍රන් එකඟ නොවීම නිසා ඔවුන්ට විරුද්ධව නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට යොමුවූ බව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළදී පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටිනවා.

මට සිදුවූ ආසාදරණය සම්බන්ධයෙන් මම පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදුකළා. ඒ අනුව අද දිනයේදී අපි පැමිණිල්ල විභාග කරන්න පොලිසියට ආවා. 04ක කාලයක් සාකච්ජා කළා මෙම සිද්ධිය සමථයකට පත් කරන්න. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා මට සිදුවූ දේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ජාවක් තියලා සමාව ගන්න කියලා මගේ නම කියලා. නමුත් සමතයට එන්න සමාව ගන්න බැහැ කිව්වා. ඒ නිසයි මගේ නීතිඥතුමියටයි මටයි සිද්ධවුනා මේ ගැන නීතිමය පියවර ගන්න තැනට යන්න.

වේදිකාවක් උඩ මුළු ලෝකයාම බලා සිටියදී මාව අපහසුතාවයට පත් කළා, දැනටමත් මම මානසික පීඩාවකට ලක්වුවා. මගේ ප්‍රෙෂර් එක වැඩි. මට මේක දිගටම කරගෙන යන්න අවශ්‍ය නැහැ. මමත් ගැහැනියක් ඇයත් ගැහැනියක්.