NEWS

දහසය හැවිරිදි පුතාට බලපත් නොමැතිව බස් රථය මාර්ගයේ ධාවනය කිරීමට ඉඩදුන් තාත්තා

ආසන 54 කින් යුත් මගී සේවයේ යොදවන විශාල බස් රථයක් මහාමාර්ගයේ ධාවනය කළ දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මිද්දෙණිය පොලිසිය විසින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනුන අතර එම සිසුවාට බස් රථය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දුන් ඔහුගේ පියාට ද නීතිමය කටයුතු කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගැනුනා.

වීරකැටියේ සිට මිද්දෙණිය දක්වා බස් රථය ධාවනය කරමින් පැමිණි පහළොස් හැවිරිදි පාසල් සිසුවා මිදෙණිය නගරයේ රථවාහන පරීක්ෂක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිය භාරයට ගැනුනා.

පසුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු පාසල් වියේ පසුවන අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණ දුන් දහසය හැවිරිදි සිසුවෙකු බවත් ඔහු සතුව රිය බලපත්‍රයක් හෝ නොමැති බවයි.
පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු වූ සිසුවාගේ පියා පොලිසියට කැඳවා ඔහුගෙන් ද ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත දෙදෙනා ම මුදාහැරුණා.

බාල වයස්කාර හා බලපත්‍රයක් නොමැති අයකුට බස් රථයක් ධාවනය කිරීමට ඉඩ සැලැස්වීම මත සිසුවාගේ පියාට චෝදනා එල්ල කළ පොලිසිය වලංගු රිය බලපත්‍රයක් නොමැතිව බසය ධාවනය කිරීමේ වරදට සැකකාර සිසුවාට චෝදනා ගොනුකෙරුනා.