NEWS

ජනාධිපති රට පාලනය කරන හැටි දැකලා විපක්ෂය අද හොල්මන් වෙලා ඉන්නේ -ඇමති විමලවීර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට කරවන ආකාරය දැක අද විපක්ෂය හොල්මන් වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

ජනතා ඡන්දයෙන් බලයට ඒමට නොහැකි වුණු සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය අද රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව පරිසර විනාශයක් ආණ්ඩුව සිදු කරන බව ද මතයක් ගොඩ නගමින් සිටින බව ද ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ කටයුත්ත සිදු කරමින් ඇතත් වැඩි කාලයක් ඔවුන්ට අසත්‍ය සමාජගත කිරීමට නොහැකි බවත් ඔවුන් අද සිදු කරමින් සිටින්නේ බොරුවක් බව ජනතාව තේරුම් අරන් අවසන් බවත් ඔහු කීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ උහන ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි