ARTICLES

කොවිඩ් සමයේ බදුකරණය සහ සහන පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ඇරඹේ

පසුගිය කොවිඩ් සමය තුල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ලබා දී ඇති සහන සහ බදුකරණය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමේ අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැත්වුනා.

ඒ සෙලාන් බැංකුවේ මෙහෙයවීමෙන්.

Zoom තාක්ෂණය ඔස්සේ පසුගිය 25 වෙනිදා පැය එක හමාරක් පුරා පැවති මෙම ඔන්ලයින් සම්මන්ත්‍රණය හරහා අදාල බදු ගැටලු සහ ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් නිවැරදිව ඒ උදෙසා සකසා ගන්නේ කෙසේද යන්න කතා බහට ලක් කරනු ලැබූවා.

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් දීපානි පීරිස් මහත්මිය මේ සඳහා එක්ව සිටි අතර ඉදිරියටද මෙවන් දැනුවත් කිරීම් හරහා දේශීය සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලාත්මක කිරීම තම අරමුණ බවයි සෙලාන් බැංකුව සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published.