GOSSIP

“ඔය තියෙන්නෙ සික් එක . ඕක සනීප වෙයි ” – වෛද්‍යවරියකගේ නොසැලකිල්ල නිසා තරුණයෙකුට ජීවිතය අහිමිවෙයි

ඇඹිලිපිටිය රෝහලේදී මියගිය තරුණයකුට වෛද්‍ය නොසැලකිල්ල හේතුවෙන් මිය ගිය බව පවසමින් අද සවස එම තරුණයාගේ දේහය ඇඹිලිපිටිය රෝහල වෙත විරෝධය පෑම සදහා ගෙන යෑමේදී පොලීය හා එම පිරිස අතර උණුසුම් තත්වයක් ඇතිවිය.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය ඉදිරිපිට පදිංචි එ.ඒ.ඒ රසික චතුරංග (29) හැවිරිදි තරුණයෙකු. පවුලේ ඥාතීන් පවසන්නේ පසුගිය 23 දින පපුවේ වේදනාවක් ඇතිවී මෙම තරුණයා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කල බවත් වෛද්‍ය වරුන්ගෙන් මෙම තරුණයාට නිසි ප්‍රතිකාර නොලැබුනු බවත් පවසමින් මියගිය අයගේ සහෝදරයා විසින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ සමන්තා රාමචන්ද්‍ර මහත්මිය වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

මෙම රෝගීයා පපුවේ අමාරුව හැදී රෝහලට ගෙන ගියක් එහි සිටි වෛද්‍ය වරියක රෝගියකුයට කතා නොකල යුතු ආකාරයෙන් කතා කර ඇති බව ඥාතීන් පවසයි.

කෙසේ උවද මේ සම්බන්ධයෙනස් විශේෂ පරික්ෂණයක් ඔවුන් ඉල්ලා සිටි අතර මියගිය අයගේ මෘත දේහය වැඩිදුර පරික්ෂණ සදහා කරාපිට රෝහල වෙත ගෙන යන ලදී.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

එම තරුණයා මිය යාමට පෙර ඔහුගේ සහෝදරයා විසින් අදාළ බලධාරීන් වෙත යොමුකල ලිපිය පහතින්

Leave a Reply

Your email address will not be published.