NEWS

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතෙන් රේල් පාරවල් 03 ක්

කොළඹ රථවාහන තදබදය අවම කිර්මට තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 3ක් ඉදිකිර්මට යෝජනා වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රාගම සිට කොළඹ, කොටුව හරහා කිරුළපන දක්වාත්, මොරටුව – පිළියන්දල – නාරාහේන්පිට හරහා කැලණිය දක්වාත්, කොට්ටාව – පන්නිපිටිය – තලවතුගොඩ හරහා හුණුපිටිය දක්වාත්,මෙම දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමට යෝජනා වී තිබේ.

මේ පිළිබඳව අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා මුදල්අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීමට ප්‍රමුඛතාව දිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ
කර ඇත.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.