NEWS

කොරෝනා අස්සේ මල් පිටරට යැවීමෙන් ඩොලර් මිලියන 12 ක ආදායමක්

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුවද මල් අපනයන කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දොළහක ආදායමක් පසුගිය වසරේදී (2020) මෙරට ලැබී ඇති බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය පවසයි.

එම වසරේදී මල් අපනයන කර්මාන්තයෙන් වැඩිම ආදායමක් මෙරටට ලැබී ඇත්තේ නෙදර්ලන්තයෙන් වන අතර එම ආදායම ඇමරිකානු ඩොලර් මිලියන තුනකි.

2019 වසරේදී මල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන දහහතක ආදායමක් මෙරටට ලැබී ඇත. එය 2020 වර්ෂයට වඩා ඇමරිකානු ඩොලර් මිලියන පහක වැඩියකි. 2010 වසරේ සිට 2020 දක්වා ගත වූ කාලයේ වැඩිම ආදායමක් මල් අපනයනයෙන් මෙරටට ලැබී ඇත්තේ 2019 වසරේ වන අතර දෙවනුවට ඇමරිකානු ඩොලර් මිලියන 16ක ආදායමක් ලැබී ඇත්තේ 2016 වසරේදීය.

මෙරටින් මල් අපනයනය සිදුකරන ප්‍රධාන පෙළේ රටවල් අතරට ජපානය, සවුදි අරාබිය, මාලදිවයින, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය සහ තායිලන්තය ඇතුළත් වෙයි.

ඕකිඩ්, කානේෂන් සහ රෝස වැනි මල් වර්ග ප්‍රධාන වශයෙන් අපනයනය කරන මල් ගණයට අයත් වෙයි

Leave a Reply

Your email address will not be published.